28 C
Colombo
ඉරිදා, මැයි 5, 2024

ඉකුත් මාස හතේ මෙරටට හිමි වූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සියයට 50කින් පහළට

Must read

2022 ජුලි මාසයේ මෙරටට හිමිවූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 279.5 ක් දක්වා පහළ ගොස් තිබෙනවා. ඉකුත් ජනවාරි සිට ජුලි මාසය දක්වා විදේශ රැකියා නියුක්තිකයන්ගේ ලැබුණු ප්‍රේෂණවල එකතුව ඩොලර් මිලියන 1889.04 ක් බවයි ශ්‍රී ලංකා මහබැංකුව සදහන් කළේ.

2021 වර්ෂයේ එම කාලසීමාව තුළ ඩොලර් මිලියන 3777.06 ක ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී තිබුණා. කෙසේ වෙතත් මෙම වසරේ මේ දක්වා විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සියයට 50 කින් අඩුවීමක් පෙන්නුම් කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ඉකුත් ජූලි මාසයේ සංචාරකයින් 47,293 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් ඉකුත් වසරේ ජුලි මාසයේ සංචාරකයින් දිවයිනට පැමිණ ඇත්තේ 2,429 දෙනෙකු පමණක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ.

මේ අතර ඉකුත් ජූලි මාසයේ විදෙස් සංචාරකයින්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 37ක් උපයාගෙන තිබෙනවා. පෙර වසරේ එම මාසයේ විදෙස් සංචාරකයින්ගෙන් උපයාගෙන ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1.03ක්.

2021 වසරේ මුල් මාස 07 තුළ විදෙස් සංචාරකයින්ගෙන් උපයාගෙන ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 50.04යි. මෙම වසරේ එම කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 824.09ක් උපයාගෙන තිබෙනවා.

More articles

Latest article