28.9 C
Colombo
ඉරිදා, මැයි 12, 2024

පිරිසක් අඟුලාන පොලීසිය වටලයි

Must read

සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ගේ ඥාතීන් යැයි කියා ගන්නා පිරිසක් අඟුලාන පොලීසියට කඩාවැදීමත් සමග පොලීසිය තුළ උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

එම ඥාතීන් පිරිස සැකකරුවන් දෙදෙනා රැගෙන පළාගොස් ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් එලෙස රැගෙන යනු ලැබූ සැකකරුවන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

“ජොන්ටියා” සහ “කලයා” නැමැති පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

මොවුන් දෙදෙනා ජංගම දුරකථනයක් හේතුවෙන් ආරවුලක් ඇතිකරගෙන ඇති අතර පසුව ඔවුන් සිද්ධිය සමථයකට පත්කර ගැනීම සඳහා අඟුලාන පොලීසිය වෙත පැමිණ තිබේ.

එහිදී අඟුලාන පොලිස් නිලධාරීන් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන්ගේ ඥාතීන් පිරිසක් පැමිණ සැකකරුවන් රැගෙන යාමට උත්සහා දරා ඇති බව සඳහන්ය.

එම අවස්ථාවේදී උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් උත්සහා දැරීමේදී එක් නිලධාරීයෙකුට ද තුවාල සිදුව තිබේ.

ඔහු ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් අවට පොලිස් ස්ථානවලින් ද නිලධාරීන් අඟුලාන පොලීසිය වෙත කැඳවා තිබේ.

More articles

Latest article