31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

ශ්‍රී ලංකාව සංචාරයට සුදුසු රටක් – සම්මානලාභී ඉන්දීය රංගන ශිල්පී ආශිෂ් විද්‍යාර්ථි

Must read

විදෙස් සංචාරකයන් තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ධනාත්මක හැඟීම් ඇති කිරීමේ අරමුණ ඇතිව සම්මානලාභී ඉන්දීය රංගන ශිල්පී ආශිෂ් විද්‍යාර්ථි මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඉන්දීය සිනමාවේ දුෂ්ටයා ලෙස විරුධාවලිය ලත් ඒ මහතා බොලිවුඩ්, දෙමළ, මලයාලම්, තෙළිඟු, කන්නඩ, බෙංගාලි චිත්‍රපටවල දුෂ්ට චරිත සහ තවත් බොහෝ චරිත සඳහා ප්‍රසිද්ධියට පත් සම්මානලාභී ප්‍රවීණ රංගන ශිල්පියෙකි.

ඉන්දීය නළු ආශිෂ් විද්‍යර්ති මහතා පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්ව තිබෙන අතර ඉන්දියානුවන් සහ සෙසු විදෙස් සංචාරකයන් තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ධනාත්මක හැඟීමක් ඇතිකිරීමේ අරමුණ ඇතිව මෙරටට පැමිණ තිබෙන බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සහ 2023 දී ශ්‍රී ලංකාවට පැමිණීමට ජාත්‍යන්තර සංචාරකයන් දිරිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ඔහුට කළ ආරාධනයක් අනුව ආශිෂ් විද්‍යර්ති මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සිදුව තිබෙන අතර ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය සියැසින් දැක ගැනීමට ද ඔහුට අවස්ථාව උදාවී තිබේ.

ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතිය සහ විස්මිත භූ දර්ශන ගවේෂණය කිරීමට ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ඔහුව සාදරයෙන් පිළිගන්නා බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

More articles

Latest article