25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

රට මුහුණ දෙන අර්බුදයට විසඳුම් දෙන්න සජබයට බෑ – අනුර දිසානායක

Must read

ජනතාවට හෝ රට මුහුණ දෙන අර්බුදයට නව විසඳුම් ලබාදීමට සජබය සමත් නොවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පැවසීය.

සමන්තුරේ පැවති ජාතික ජන බලවේගයේ දේශපාලන රැලියකට පසුගියදා(31) එක්වෙමින් ඔහු කියා සිටියේ වත්මන් පාලකයන් සහ සජබය අතර වෙනසක් නොමැති බවයි.

පසුගියදා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් දිසානායක මහතා කියා සිටියේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමට උත්සාහ කරන බවයි. පාර්ලිමේන්තුවේදීත් දේශපාලන රැස්වීම්වලදීත් හඬනඟන සජබය ඇමැතිවරයාට රාත්‍රියේ දී හොර රහසේ ඡන්දය කල් දමන ලෙස ඉල්ලා දුරකතන ඇමතුම් දෙන බවයි. මෙවර මැතිවරණයේ දී ජනතාවට ඇති එකම ශක්‍ය විකල්පය රට යලි පණගැන්වීමේ ශක්‍ය සැලැස්මක් සහ එම උත්සාහයට අවශ්‍ය ශ්‍රම ශක්තිය ඇති ජාතික ජන බලවේගය බව ඔහු අවධාරණය කළේය.

More articles

Latest article