27 C
Colombo
සඳුදා, මැයි 6, 2024

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හා ඉන්දීය විදේශ ඇමැති අතර හමුවක්

Must read

ශ්‍රී ලංකා – ඉන්දියා ද්වි-පාර්ශ්වික සබඳතාවල වත්මන් තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා නවදිල්ලි නගරයේදී පෙරේදා (31) ඉන්දීය විදේශ කටයුතු ඇමැති, ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා හමුවී තිබේ.

නවදිල්ලියේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේදී මේ හමුව සිදු වූ බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පැවසීය.

ආචාර්ය ජයශංකර් මහතා පසුගියදා මෙරට දෙදින නිල සංචාරයක නිරත වූ අතර, සංචාරයෙන් පසු මතු වූ කරුණු පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග සහ පසු විපරම් කටයුතු පිළිබඳව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සහ විදේශ ඇමැතිවරයා අදහස් හුවමාරු කරගෙන ඇත. එම සංචාරයේදී ඒ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විදේශ කටයුතු ඇමැති එම්. යූ. එම්. අලි සබ්රි මහත්වරුන් සමඟ නිල සාකච්ඡා පැවැත්වීය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉන්දීය සාගර කලාපයේ සම ලේකම් පුනීත් අග්‍රවාල් සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූක කදුරුගමුව මහත්වරු ද මේ හමුවට සහභාගි වූහ.

More articles

Latest article