30 C
Colombo
සිකුරාදා, මැයි 17, 2024

අරගලයට සහාය දැක්වූ බ්‍රිතාන්‍ය තරුණියගේ විසා අවලංගුයි

Must read

ගාලුමුවදොර අරගලයට සහයෝගය දැක්වූ බවට චෝදනා එල්ල වූ බ්‍රිතාන්‍ය ජාතික තරුණියගේ විසා අවලංගු කිරිමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙම මස 15 වැනිදාට පෙර ශ්‍රී ලංකාවෙන් පිටව යන ලෙස ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇයට දැනුම් දී තිබේ. ඇය වෛද්‍ය හේතූන් මත ලබාගත් වීසා හරහා ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගාලුමුවදොර අරගලයේ සිද්ධීන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බවට ඇයට මීට පෙර චෝදනා එල්ල වූවාය.

More articles

Latest article