25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

බ්‍රිතාන්‍යයේ නව ස්වදේශ කටයුතු අමාත්‍යවරිය ‘ධම්මපදය’ මත අත තබා දිවුරුම් දෙයි

Must read

බ්‍රිතාන්‍යයේ නව ස්වදේශ කටයුතු අමාත්‍යවරිය වන ඉන්දියානු සම්භවයක් සහිත සුඑල්ලා බ්‍රේවර්මන් තම දිවුරුම් දීමේ උත්සවයේදී බෞද්ධයන්ගේ අත්පොත වන ධම්ම පදය මත අත තබමින් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇතැයි ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

සුඑල්ලා බ්‍රේවර්මන් 2015 වසරේ කොන්සර්වටිව් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර 2020 සිට 2022 වසර දක්වා බොරිස් ජොන්සන් ගේ රජයේ නීතිපතිවරිය ලෙස කටයුතු කර තිබේ.

42 හැවිරිදි සුඑල්ලා බ්‍රේවර්මන් දෙදරු මවක් වන අතර ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානයට නිතිපතා පැමිණෙන බෞද්ධයෙක් බවද ඉකොනොමික් ටයිම්ස් පුවත්පත පැවසුවේය.

More articles

Latest article