28 C
Colombo
සෙනසුරාදා, මැයි 18, 2024

අයවැය කාර්යාලයක් පිහිටුවීමට සැරසෙයි

Must read

නිවැරදි තොරතුරු ඍජුව ලබාගනිමින් මූල්‍ය කටයුතු අධීක්ෂණය සඳහා පාර්ලි‍මේන්තුවේ නව අයවැය කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

සැප්තැම්බර් 15 වනදාට යෙදුණු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව සංවිධානය කර තිබූ විශේෂ මහජන සේවා වැඩසටහනකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ආදායම වියදම ඇතුළු රාජ්‍ය මූල්‍ය පාලනයට අදාළ නිවැරදී තොරතුරු ඍජු ලෙස ලබාගැනීම මෙම කාර්යාලය පිහිටුවීමේ ප්‍රධානතම අරමුණ බවද ඒ මහතා පැවසීය.

ලොව දියුණු ප්‍රජාතාන්ත්‍රික රටවල මෙන්, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව, බැංකු සහ මූල්‍ය කටයුතු පිළිබඳ කාරක සභාව, ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව නමින් නව කාරක සභා කිහිපයක් අලුතින් පිහිටුවීම ඇතුළු පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන පියවරයන් පිළිබඳව ද මහලේකම්වරයා මෙහිදී කරුණු පැහැදිළි කර තිබේ.

More articles

Latest article