27 C
Colombo
සඳුදා, මැයි 6, 2024

BOI ඉදිරි සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය

Must read

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම්, ක්‍රියාමාර්ග, හඳුනාගත් දුෂ්කරතා සහ ආයෝජන කිරීමට බලාපොරොත්තු වන අංශ පිළිබඳ ඉදිරිපත්කිරීමක් සහිතව (Presentation) ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාකච්ඡා විය.

මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතීඥ) මධුර විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (26) දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවසථාවේදී ය.

මෙම විශේෂ කාරක සභාව සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, වරාය නගර කොමිෂන් සභාව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සංචාරක අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, අධිකරණ අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යංශය ඇතුළු අංශ ගණනාවක් නියෝජනය කරන නිලධාරීහු සම්බන්ධ වූහ.

මේ අනුව මෙහිදී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ අදහස් සහ යෝජනා විමසා බැලීම ද සිදු විය. ඒසේම වියට්නාමය, මැලේෂියාව වැනි රටවල ආයෝජන ඉහළ මට්ටමක පැවතීම සහ එම තත්ත්වයට මෙරට ළගාවීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

එසේම මෙරට පවතින ඛණිජ සම්පත් නිවැරදිව කැනීම් කොට විදේශ වෙළඳපොළට අළෙවි කිරීමේ අවශ්‍යතාවද සාකච්ඡා කෙරිණි.
තවද ආයෝජන සඳහා පැමිණෙන විවිධ පාර්ශ්ව සඳහා අවශ්‍ය බාහිර අනුමතීන් කඩිනමින් ලබාගැනීමට එක් ස්ථානයක් ඇතිකිරීම පිළිබඳව සහ එම අනුමතීන් සඳහා ගතවන කාලය අවම කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. එසේම ඒ ඒ අංශ අතර මනා සන්නිවේදනයක් සහිතව කටයුතු කරමින් මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්ද මෙම කාරක සභාවේදී අවධානය යොමු විය.

More articles

Latest article