30 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

වැඩි මිලට අලෙවි කිරීමට සුදානම් වූ ඩීසල් බවුසරයක් සමග 4ක් අත්අඩංගුවට

Must read

වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ඩීසල් බවුසරයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ එම බවුසරයේ ඩීසල් ලීටර් 6,600ක් තිබුණු බවය.

පොලීසියට ලද තොරතුරක් මත උපාය දූතයෙකු යොදා ගනිමින් මීගොඩ වටරැක ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

මුතුරාජවෙල ගබඩා පර්යන්තයෙන් කටුනායක ආයතනයකට රැගෙනයාම සඳහා අදාළ ඩීසල් තොගය නිකුත් කර ඇති බව සඳහන්ය.

ඩීසල් තොගය වැඩි මිලට අලෙවි කරන බවට ලද තොරතුර මත කළ විමසීමට අනුව මීගොඩ පොලීසියේ උපායදූතයෙකු මඟින් ඩීසල් ලීටරයක් රුපියල් 900කට මිලදී ගැනීමට එකඟතාවකට පැමිණ තිබේ.

මීගොඩ වැටරැක ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවකට බව පවසමින් අදාළ බවුසරය එම ප්‍රදේශයට ගෙන්වාගෙන එම ගණුදෙනුවට මූලිකත්වය ගත් තැරැව්කරුවන් දෙදෙනා, බවුසරයේ රියදුරු සහ එහි සහයක අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

More articles

Latest article