28.4 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

අරගලකරුවන් ජනපති රනිල්ගෙන් සංහිදියාව ඉල්ලයි

Must read

ගාළුමුවදොර අරගලකරුවන් වෙනුවෙන්, ‘Black Cap Movement‘ සංවිධානය විසින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් සංහිඳියා ක්‍රියාවලියක් ඉල්ලා සිටී.

එම ඉල්ලීම කරමින් ඔවුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

—-

රනිල් වික්‍රමසිංහ මහතා,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති,
ජනාධිපති කාර්‍යාලය,
කොළඔ 01.

හිතවත් රනිල් වික්‍රමසිංහ මහතාණනි,

සාමකාමී විරෝධතාකරුවන් සහ රාජ්‍ය අතර සංහිඳියා ක්‍රියාවලියක් ඇතිකර ගැනීම සම්බන්දවයි.

ශ්‍රී ලංකාව මේ මොහොතේ අතිශය අසිරූ ආර්ථික සහ සමාජීය අර්බුදයකට මුහුණ දෙමින් සිටියි. ශ්‍රී ලංකාව පත්ව ඇති මේ අසීරු මොහොතේ ජනාධිපතිධූරයට පත්වූ ඔබගේ ක්‍රියාකලාපය අප සංවිධානයක් ලෙස නිරීක්ෂණය කරමින් සිටිමු.

මෙරට ජාතිය ගොඩනැඟීමටත්, සංහිඳියා ක්‍රියාවලියක් සඳහා 30 වසරක කුරිරු යුද්දයෙන් පසුව අවස්ථාවක් ලැබුණු බව ඔබ ද දන්නා කරුණකි. නමුත් එම මහඟු අවස්ථාව යුද්ධය අවසාන සමය් බලයෙ සිටි දේශපාලන නායකත්වයන් විසින් මඟහරවා ගන්නා ලදි.

හිතවත් වික්‍රමසිංහ මහතාණනි,

ශ්‍රී ලංකාවේ සිදුවූ ඓතිහාසික ජන නැගිටීම හේතුවෙන් මෙරට පැහැදිලි දේශපාලන පරිවර්තනයකට මේ මොහොතේ අවස්ථාව උදා වී තිබේ. නමුත් කණගාටුවට කරුණ නම් මෙම ජන නැගිටීමට සම්බන්ධ වූ අහිංසක, නිරායුද පුරවැසියන් ද දරුණු ලෙස මර්ධනයට ලක් වෙමින් තිබීමයි.

හිතවත් වික්‍රමසිංහ මහතාණනි,

මේ මොහොතේ සාමකාමී විරෝධතාකරුවන් සහ රාජ්‍ය යාන්ත්‍රණය අතර සංහිඳියා ක්‍රියාවලියක් ගොඩනැඟීමේ අවශ්‍යතාවය උදා වී තිබේ. ඒ වෙනුවෙන් අවශ්‍ය සිවිල් සමාජමය මැදිහත්වීම සිදුකිරීමට සාමකාමී විරෝධතා සංවිධානයක් ලෙස Black Cap Movement සුදානම් බවත් ඒ වෙනුවෙන් ඔබේ අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටිමු.

ස්තුතියි!

Black Cap Movement වෙනුවෙන්,

විමුක්ති දුෂාන්ත
සම කැඳවුම්කරු

More articles

Latest article