31 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

චීන ආරක්ෂක ඇමැති මේ මස අගදී ශ්‍රී ලංකාවට

Must read

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා චීන ආරක්ෂක ඇමැති ජෙනරාල් වී ෆෙන්ගේ මේ මස අගදී මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී.

මෙම සංචාරයේදී චීන ආකරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රි ලංකා රජයේ ඉහළම පාර්ශ්ව සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත යැයිද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් කීය.

මෙය වත්මන් රජය බලයට පත්වීමෙන් පසු චීන රජයේ ඉහළම නියෝජිතයකු මෙරට සිදු කරන දෙවැනි ඉහළම මට්ටමේ සංචාරය වන අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ චීන රජයේ ඉහළම විදේශ ප්‍රතිපත්ති තීරකයකු වන යැන්ග් ජිචි මෙරට සංචාරය කළේය.

මේ අතර මේ මස මුලදී නායකයන් දෙදෙනා අතර පැවැති සාකච්ඡාවකදී ජනාධිපති ෂී ජින් පිං විසින් කරන ලද ආරාධනයකට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බීජිංහි සංචාරයක නිරතවීම සඳහා දින නියම කර ඇතැයිද වාර්තාවේ.

More articles

Latest article