30 C
Colombo
අඟහරුවාදා, මැයි 7, 2024

චීන රොකට්ටුවේ සුන්බුන් ඉන්දියන් සාගරයට පතිත වෙයි

Must read

පෘථිවියට කඩා වැටෙමින් තිබූ චීනයේ විශාලතම රොකට්ටුවේ අවශේෂ කොටස් අද(9) ඉන්දියන් සාගරයට කඩා වැටුණු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියි. එහි සංඝටකවලින් වැඩි ප්‍රමාණයක් නැවත පෘථිවි වායුගෝලයට ඇතුළු වූ පසු දැවී විනාශ වූ බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියන් සාගරයේ මාලදිවයිනේ දූපත් සමූහයට බටහිර දෙසින් සාගරයට මෙම සුන්බුන් වැටී ඇත.බීජිං වේලාවෙන් (GMT 0224) රොකට්ටුවේ කොටස් නැවත වායුගෝලයට ඇතුළු වූ අතර දේශාංශ අංශක 72.47 ක් සහ අක්ෂාංශ අංශක 2.65 ක් උතුරින් පිහිටි ස්ථානයකට සුන්බුන් පතිත වී ඇත.පෘථිවි පෘෂ්ඨයෙන් වැඩි ප්‍රමාණයක් ජලයෙන් වැසී ඇති හෙයින්, භූමියේ ජනාකීර්ණ ප්‍රදේශයක ගැටීමේ අවදානම අඩු වී ඇති අතර, තුවාල වීමේ සම්භාවිතාව ඊටත් වඩා අඩු බව විශේෂඥයෝ පවසති.

More articles

Latest article