31 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

චීන ආරක්ෂක අමාත්‍යවරයා ජනපති හමුවෙයි

Must read

මෙරට නිල සංචාරයක නිරත මහජන චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි මහතා, අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

නිල සංචාරයක් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඊයේ (27) රාත්‍රි දිවයිනට පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා පිළිගනු ලැබුවේ, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඇතුළු පිරිසක් විසිනි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද හමුවීමට නියමිත චීන ආරක්ෂක අමාත්‍යවරයා හෙට (29) පෙරවරුවේ මෙරටින් පිටව යාමට නියමිති.

More articles

Latest article