33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

දිස්ත්‍රික්ක 6කට අයත් ග්‍රාම නිලධාරී වසම් රැසක් හුදකලාභාවයෙන් ඉවතට

Must read

අද (20) උදෑසන සිට දිස්ත්‍රික්ක 6කට අයත් ග්‍රාම නිලධාරී වසම් රැසක් හුදකලාභාවයෙන් ඉවත් කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ, ඒ අනුව පොලිස් බලප්‍රදේශ 18කට අයත් ග්‍රාම නිලධාරී වසම් 42ක් මෙලෙස හුදකලා බවින් ඉවත් කළ බවය.

මීට අමතරව අද උදෑසන 6 සිට මඩකලපුව දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදකලා කර ඇතැයි ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම කොළඹ ග්‍රෑන්ඩ්පාස් හි මහවත්ත පාරේ 233 වත්ත ද හුදකලා කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

හුදකලා බව ඉවත් කර ඇති ප්‍රදේශ පහතින් දැක්වේ.

කොළඹ දිස්ත්‍රික්කය

පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ,

නාම්පමුණුව
ගොරකාපිටිය
මාවිත්තාර උතුර
පැලැන්වත්ත බටහිර

මොරටුමුල්ල පොලිස් බලප්‍රදේශයේ,
විල්ලෝරවත්ත

මහරගම පොලිස් බලප්‍රදේශයේ,
ඇරුව්වල
පමුණුව

කටාන පොලිස් බලප්‍රදේශයේ,
කේසී සිල්වාපුරය
කදිරාන උතුර ග්‍රාමයේ ඇටබගහවත්ත කොටස
කදිරාන දකුණ ග්‍රාමයේ පේෂකර්ම කොටස

වත්තල පොලිස් බලප්‍රදේශයේ,
වත්තල

ගම්පහ දිස්ත්‍රික්කය

මහර පොලිස් බලප්‍රදේශයේ,
ඇල්දෙණිය නැගෙනහිර
සූරියපාලුව දකුණ
සූරියපාලුව උතුර
පහළ කරගහමුණ උතුර
ඉහළ කරගහමුණ උතුර

කළුතර දිස්ත්‍රික්කය

මොරගහහේන පොලිස් බලප්‍රදේශයේ,
පලන්නොරුව
කෝරලඉම
කුඹුක බටහිර

හොරණ පොලිස් බලප්‍රදේශයේ,
නර්තනගල

මතුගම පොලිස් බලප්‍රදේශයේ,
යටදොලවත්ත බටහිර ග්‍රාමසේවා වසමේ කොරටුහේන ගම

පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ,
වලාන උතුර
වෑකඩ බටහිර
කිරිබේරිය
මාලමුල්ල නැගෙනහිර

බදුරලිය පොලිස් බලප්‍රදේශයේ,
ඉඟුරුදළුව
මිදලන
පැළෑද
මොරපිටිය උතුර
තිනියාවල
හැඬිගල්ල

අඟලවත්ත පොලිස් බලප්‍රදේශයේ,
පිඹුර

නුවර එළිය දිස්ත්‍රික්කය

කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ,
පනන්ගම්මන

වව්නියාව දිස්ත්‍රික්කය

පූවරන්කුලම් පොලිස් බලප්‍රදේශයේ,
කුරුක්කල්පුතුකුලම්

මාතලේ දිස්ත්‍රික්කය

මාතලේ පොලිස් බලප්‍රදේශය
නාඋල පොලිස් බලප්‍රදේශය
දඹුල්ල පොලිස් බලප්‍රදේශය

මීට අමතරව ගලේවල පොලිස් බලප්‍රදේශයේ පහත දැක්වෙන ග්‍රාම නිලධාරී වසම් හැරුණු කොට අනෙක් සියලූම ග්‍රාම නිලධාරී වසම් හුදකලා බවින් ඉවත්කර තිබේ.

මාතලේ දිස්ත්‍රික්කය

ගලේවල පොලිස් බලප්‍රදේශයේ,
ගලේවල නගරය
උදුයාය
පහළ බම්මාව
කුම්බුක්ගොල්ල
තලකිරියාගම
පළාපත්වල
වැටාකොලු වැව

අද උදෑසන සිට හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.

මඩකලපුව දිස්ත්‍රික්කය

මඩකලපුව පොලිස් බලප්‍රදේශයේ,
සින්නෝරානි
පලමින්මඩු

කාත්තාන්කුඩි පොලිස් බලප්‍රදේශයේ,
තිරුචෙන්දූර්
කල්ලඩි වෙල්ලූර්
නොචිමුනායි ග්‍රාම නිලධාරී වසමේ පූනෝචිමුනායි ග්‍රාමය හැර අනෙක් ග්‍රාමයන්

More articles

Latest article