30 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

රට තුලට ගෙන්වන භාණ්ඩ වර්ග 6000 න් රේගුව තුළදී පරීක්ෂාවට ලක්වන්නේ 1300 ක භාණ්ඩ ප්‍රමාණයක් පමණක් බව අනාවරණය වෙයි

Must read

රට තුලට ගෙන්වන භාණ්ඩ වර්ග 6000 න් රේගුව තුළදී පරීක්ෂාවට ලක්වන්නේ 1300ක  භාණ්ඩ ප්‍රමාණයක් පමණක් බව සමූපකාර අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ආනයනික පොල්තෙල් හා වියලි මිරිස්වල ප්‍රමිති වාර්තා ලැබෙන තෙක් රේගුවෙන් නිදහස් නොකිරීමට රේගුව සමග එකගතාවයකට පැමිණි බවද මේ තත්ත්වය ක්‍රමයෙන් අනෙකුත් භාණ්ඩ සම්බන්ධයෙන්ද අනුගමනය කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද රජ්‍ය අමාත්‍යවරයා පවසයි.

රේගුවේදි පරීක්ෂාවලට ලක් කරන භාණ්ඩවලද ප්‍රමිති වාර්තා ලැබෙන්නට එම පෙර භාණ්ඩ රේගුවෙන් නිදහස් කරන බවද එය මෙතෙක් සිදුව ඇති සාමාන්‍ය ක්‍රමවේදයට බවට පත්ව තිබෙන බවද අලගියවන්න මහතා කියයි.

More articles

Latest article