30 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

අධ්‍යාපන ක්ෂේත්‍රය සකස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් මහජන අදහස් විමසයි

Must read

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය සකස් වියයුතු ආකාරය සම්බන්ධයෙන් මහජන අදහස් සහ යෝජනා ලබාගැනීමට
අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ගුණාත්මක අධ්‍යාපන පද්ධතියක් ගොඩ නැංවීම වෙනුවෙන් ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුවක් සකස් කිරීමේ ක්‍රියාවලිය පසුගියදා ආරම්භ කෙරුණි.

ඒ සඳහා ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීමේ අරමුණෙන් මහජන අදහස් හා යෝජනා ලබා ගැනීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ හැකි වේ.

More articles

Latest article