28.7 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 30, 2024

හෝමාගම මුවන් සංරක්ෂිතයට පෙර ජලභීතිකා පරීක්ෂණයකට

Must read

කොළඹ ආශ්‍රිතව ශීඝ්‍රයෙන් බෝ වන මුව රංචු වනජීවී, වන සංරක්ෂණ අමාත්‍යාංශයට අයත් හෝ වෙනත් සංරක්ෂිත කලාපයකට යොමු කිරීමට අදහස් කරන බවත් එසේ යොමු කරනු ලබන්නේ එම සතුන් අනිවාර්යයෙන්ම ජලභීතිකා පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව බවත් වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

හෝමාගම අවට මුව ගහනය ශීඝ්‍රයෙන් ඉහළ යෑමෙන් එම සතුන් වෙනත් රක්ෂිතයකට හෝ අභයභූමියකට යොමු කරන ලෙස එම ප්‍රදේශයේ විවිධ පාර්ශ්ව මෙන්ම ඇමැතිවරුන් කීපදෙනකු තමන්ගෙන් ඉල්ලීම් කළ බවත් විශේෂයෙන් මේ මුව රංචු නිසා ජනතාවගේ වගාබිම්වලට හානි සිදු වන බැවින්, එම ඉල්ලීම සිදු කර ඇති බවත් ඇමැතිවරයා කියයි.

වන සංරක්ෂණ කලාපයකට හෝ අභයභූමියකට මේ සතුන් මුදාහැරීමට පියවර ගත යුතු බවට යෝජනා වුවද හෝමාගම අවට සැරිසරන මුව රංචු අතර ජලභීතිකා රෝගය ව්‍යාප්ත වන බවට පසුගිය කාලයේ වාර්තා වූ බැවින්, ඒ සම්බන්ධව පූර්ණ ජලභීතිකා පරීක්ෂණයකින් තොරව එම සතුන් සංරක්ෂණ කලාපවලට හෝ අභයභූමිවලට මුදා නොහරින ලෙසට ඇමැතිවරයා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරියට උපදෙස් දී තිබේ.

More articles

Latest article