30 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාල සේවාවනිතා ඒකකයෙන් කාර්ය මණ්ඩලයට දිරි දීමනා සහ වියලි සලාක

Must read

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ (OCDS) අභිනවයෙන් ස්ථාපිත සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණයෙන් එහි සාමාජිකයින්ට හා ඔවුන්ගේ දරුවන්ට වටිනා වියළි සලාක පාර්සල්, පාසල් පොත් පත් හා උපකර්න ප්‍රදානය කරන ලදී.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී, පසුගිය සිකුරාදා (4) දින පැවැත්වූ එම වැඩසටහනේ දී හමුදා සහ සිවිල් කාර්ය මණ්ඩලයටත් ඔවුන්ගේ දරුවන්ට ලැප්ටොප් පරිගණක සහ ලිපි ද්‍රව්‍ය ප්‍රධානය කෙරුණි

සුජීවා නෙල්සන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මෑතකදී පිහිටුවන ලද සේවා වනිතා ඒකකය විසින් දියත් කරන සුබසාධන අංගයක් ලෙස ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා සීමාසහිත පී බී සමූහ ව්‍යාපාරය සහ Sunshine Consumer Lanka Ltd විසින් අනුග්‍රහය දක්වන ලදී.

වැඩසටහන යටතේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ හමුදා සහ සිවිල් කාර්ය මණ්ඩලයට ලැප්ටොප් සහ ලිපි ද්‍රව්‍ය පාර්සල් ලබාදුන් අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සිවිල් සේවකයින් 33 දෙනෙකු සහ BMICH කාර්ය මණ්ඩලය වෙත වියළි සලාක ඇසුරුම්වල ලබා දුන් අතර , ඒහි සහල්, පරිප්පු, ටින් කළ ආහාර, කුළුබඩු, සීනි සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යය අඩංගු විය.

සීමාසහිත Pee Bee Group of Companies හි අධ්‍යක්ෂ Hiru H Surtani මහතා සහ ඔහුගේ මැතිනිය, Sunshine Consumer Lanka Ltd හි නියෝජිතයින්, BMICH හි විධායක අධ්‍යක්ෂ සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම බෙදා හැරීම සඳහා සහභාගී වූහ.

More articles

Latest article