31 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

දේවානිගේ කාලසීමාවේම ගම්පහ වනාන්තරයක් කපලා ලී ඇදලා

Must read

පැවැති යහපාලන රජය සමයේ ගම්පහ බෝතලේ දඹුගොල්ල හොරකැලේ වනාන්තරය විනාශ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන මහත්මිය සඳහන් කරයි.

අක්කර විසි තුනක් පුරා පැවති මෙම වනාන්තරය විනාශ කරද්දී ගම්පහ අඩවි වන නිලධාරී ලෙස කටයුතු කර ඇත්තේ ගම්පහ අඩවි වන නිලධාරී දේවානී ජයතිලක මහත්මිය බවද ඇය පෙන්වා දෙයි.

එකල රජයේ අවශ්‍යතාවය මත ගස් කපන බවත් ඊට එරෙහි වන අයට දඬුවම් විඳීමට දෙන බවටත් පවසමින් ජනතාව බිය වද්දා මෙම ජාවාරම් කර ඇතැයිද මන්ත්‍රීනිය පැවසීය.

එකල වන විනාශය සිදු කරන ස්ථානයට අඩවි වන නිලධාරි දේවානී ජයතිලක අවස්ථා තුනක දී පැමිණ එය නොදැක්කා සේ කටයුතු කළ බවත් ප‍්‍රදේශවාසීන් ස්වාධීන රූපවාහිනී වෙත සඳහන් කර තිබේ.

ඒ සම්බන්ධ වීඩියෝව පහතින්…

More articles

Latest article