31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ලෝක වන අලි දිනය අදයි

Must read

ලෝක වන අලි දිනය (world elephant day) අදට (12) යෙදී ඇත. ලෝකයේ වන අලින් සංරක්ෂණය කිරීමේ අරමුණ පෙරදැරිව සෑම වසරකම මෙවන් දිනයක් පළමු වරට නම් කරන ලද්දේ 2012 අගෝස්තු 12 දිනය.

මෙවර ලෝක වන අලි දිනයේ තේමාව පූර්ව ඓතිහාසික සුන්දරත්වය, ආගමික අදාළත්වය හා පාරිසරික වැදගත්කම (Pre historic Beauty,Theological Relevance and Environmant Importance)යි.

පාරිසරික ඇගයීම් නොසලකා හරිමින් වන අලින් ජීවත් වන ප්‍රදේශ මිනිසුන් විසින් ආක්‍රමණය කිරීම නිසා වන අලින් මෙන්ම ඉන් පසුව මිනිසුන්ද අවතැන් භාවයට පත්ව තිබේ. එම නිසා ඉදිරියේදී සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් දීමේදී දෙවරක් සිතා බලන බවත් වන අලින් ගැවසෙන ඔවුන්ගේ වාසස්ථානවලට අයත් ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා නොදීමට දැඩි තීන්දු තීරණ ගන්නා බවත් වන ජීවි හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

එමෙන්ම අලින් ජාතික වැදගත්කමක් උසුළන මෙන්ම සංචාරක ආකර්ෂණයද නොමදව ලබා ගත් සත්ත්වයකු වන බැවින් මෙරට භෝග හානි කරන සතුන්ගේ ලැයිස්තුවෙන් ‘අලියා ‘ඉවත් කිරීමටද ඇමැතිවරයා යෝජනා කර ඇත.

2011 කරන ලද අවසන් වන අලි සංගණනය අනුව ශ්‍රී ලංකාවේ වන අලි ගහනය 5,879කි. මෙයින් 3,285ක් වැඩි විය නියෝජනය කරන අතර, ඉන් 122ක් දළ ඇතුන් වේ.

මෙරට අලි මිනිස් ගැටුම නිසා සෑම වසරකම වන අලින් මෙන්ම මිනිසුන්ද මරණයට පත් වන අතර, වසර 2010 සිට මේ වසරේ (2022) අගෝස්තු 10 දින දක්වා වන අලි පහරදීමෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 1,137කි. එම ජීවිත හානි වන්දි වෙනුවෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගෙවා ඇති මුදල රුපියල් මිලියන 906.41කි.

More articles

Latest article