27 C
Colombo
සඳුදා, අප්‍රේල් 29, 2024

ඩෙංගු සහ මී උණ හිස ඔසවයි

Must read

ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 50,000කට ආසන්නව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ‘දිනමිණ’ට ඊයේ (11) ප්‍රකාශ කළේය.

මේ වර්ෂය ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු ආසාදිතයන් 49,642ක් වාර්තා වී ඇතැයිද ඒ මහතා පැවසුවේය.

මේ මස තුළදී පමණක් ඩෙංගු ආසාදිතයන් 2,781ක් වාර්තා වී තිබේ. ඩෙංගු උණ වසංගතය මෙන්ම මේ දිනයන්හි මී උණ රෝගීන් ද වැඩි වශයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.

වරින්වර ඇති වන වර්ෂා තත්ත්වයත් සමඟ මී උණ රෝගීන්ගේ ව්‍යාප්තියක් ද දක්නට ලැබෙන බව වෛද්‍යවරු පවසති.

More articles

Latest article