30 C
Colombo
සිකුරාදා, මැයි 17, 2024

මුල් මාස හතට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 7,604 ඉක්මවයි

Must read

ආර්ථික වශයෙන් පසු බෑමකට ලක්ව තිබුණ ද මේ වසරේ මුල් මාස හතක කාලයේදී අමෙරිකන් ඩොලර් මිලියන 7,604.12ක වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

එය පසුගිය වසරේ එම කාලයේදී උපයා ගත් අමෙරිකන් ඩොලර් මිලියන 6,803.00ක වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමට සාපේක්ෂව සියයට 11.8ක වර්ධනයක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වාදෙයි.

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කළ දත්තවලට අනුව මේ ආදායම උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙන අතර, මේ වසරේ ජූලි මාසයේදී පමණක් වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකන් ඩොලර් මිලියන 1,128.7ක් වන අතර, එය පසුගිය 2021 වසරේ ජූලි මාසයේදී උපයාගත් අමෙරිකන් ඩොලර් මිලියන 1,103.9ට සාපේක්ෂව සියයට 2.25ක වර්ධනයක් බවද එම මණ්ඩලය සඳහන් කරයි.

More articles

Latest article