29 C
Colombo
සිකුරාදා, මැයි 17, 2024

ගාල්ලේ හිටපු මහෙස්ත්‍රාත්වරියකට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

Must read

හිටපු මහෙස්ත්‍රාත්වරියකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 05ක් බැගින් සිරදඬුවම් නියම කර තිබේ.

ඒ, සුරාබදු වැරදි සඳහා අය කරන දඩ මුදල් අඩුවෙන් සටහන් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යයි චෝදනා කරමින් පවරා තිබු නඩු දෙකකට වරදකරු කරමිනි.

එලෙස වරදකරු වී ඇත්තේ ගාල්ල හිටපු මහෙස්ත්‍රාත් ඩී. එස්. මෙරිංචිආරච්චි මහත්මිය යි.

එමෙන්ම අධිකරණය මඟහැර සිටින විත්තිකාර මෙරින්චිආරච්චි මහත්මිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු ද නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියෝග කළේය.

ඊට අමතරව විත්තිකාරියට රුපියල් 22,500 ක දඩයක් ද නියම කර ඇත.

විත්තිකාරිය අධිකරණය මඟහැර සිටින අතර ඇය නොමැතිව මෙම නඩු විභාගය පැවැත්වුණි.

2000 වසරේ අප්‍රේල් මස 04 වනදා සහ 05 වනදා අතර කාලය තුළ සුරාබදු නඩුවක් සඳහා නියම කෙරුණු රුපියල් 7,500ක දඩ මුදලක් රුපියල් 1,500ක් ලෙස සටහන් කිරීමෙන් සහ තවත් නඩුවකට නියම කෙරුණු රුපියල් 5,000 දඩ මුදලක් රුපියල් 1,500 ක් ලෙස අඩුවෙන් සටහන් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ රාජ්‍ය මුදල් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකාරිය ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව මෙම දඬුවම නියම කළේය.

More articles

Latest article