32 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

මාලදිවයින් උප ජනාධිපති ජනපති රනිල් හමු වෙයි

Must read

ශ්‍රී ලංකාවේ ඉඳි කිරීමට යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමේ ප්‍රයත්නය සමඟ එක් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින උපජනාධිපති ෆයිසාල් නසීම් (Faisal Naseem) මහතාගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවයින උපජනාධිපති අතර හමුවක් ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ ඉල්ලීම කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාලදිවයින උපජනාධිපතිවරයාව ඉතා සුහදශීලීව පිළිගත් අතර, සුහද කථා බහකින් අනතුරුව නායකයන් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සහාය වන ලෙස මෙහිදී මාලදිවයින උපජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ ක්‍රියාවලියේදී මෙන්ම අධි සුඛෝපබෝගි සේවා භුක්තිවිඳින සංචාරකයන් මෙරටට ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් දිය හැකි සහාය පිළිබඳ ද මාලදිවයින උපජනාධිපතිවරයා දැනුම්වත් කළේය.

ඉන්දියන් සාගර කලාපයට බලපා ඇති මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳත්, එය මැඬලීම සඳහා එක්ව කටයුතු කිරීම පිළිබඳත් මෙහිදී නායක දෙපළ සාකච්ඡා කළහ.

More articles

Latest article