29 C
Colombo
සිකුරාදා, මැයි 17, 2024

ඩීසල් නොදුන්නොත් බස් දුවන්නේ නැහැ – ගැමුණු විජේරත්න

Must read

පෞද්ගලික බස් රථ සඳහා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ ප්‍රමාණවත් ලෙස ඉන්ධන නොදුන්නොත් 16 දා සිට බස් ධාවනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට වනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ (15) පැවසීය. රට පුරා ධාවනය කෙරෙන බස් රථ 18,000න් ඩීසල් නැති වීම හේතුවෙන් ඊයේ (15) බස් රථ 3,000කටත් අඩු ප්‍රමාණයක් ධාවනයට එක් වූ බව ද හෙතෙම පැවසීය.

බස් රථ 15,000කට ආසන්න සංඛ්‍යාවක් ඩීසල් පෝලිමේ දින ගණනක් නවතා ඇති බව කියා සිටි ඒ මහතා තෙදිනක් පමණ පෝලිමේ සිට ඩීසල් ගෙන දින දෙකක් පමණ ධාවනයට එක් කිරීමෙන් බස් කර්මාන්තය කඩා වැටී ඇතැයි ද කීවේය.

ලංගම බස් රථ අඛණ්ඩව ධාවනයට එක් කිරීමට කටයුතු කිරීම, පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන දීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් නොකිරීමෙන් ඉදිරියේදී අරගලකාරි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වනු ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

More articles

Latest article