28 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

රාජ්‍ය සේවා ප්‍රාදේශීයව විමධ්‍යගත කිරීම කාලීන අවශ්‍යතාවක් – ජනපති

Must read

නිවෙසේ සිට රාජකාරි කිරීම මෙන්ම සියලු රාජ්‍ය සේවා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම කාලීන අවශ්‍යතාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. පුද්ගලයන් ලියාපදිංචි කිරීම, ආගමන හා විගමන සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ඇතුළු සෙසු රාජ්‍ය ආයතන ද තවදුරටත් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීමෙන් එම සේවා වඩාත් කාර්යක්ෂමව දිය හැකි අතර, එවැනි ප්‍රධාන ආයතන එකිනෙක හා සම්බන්ධ කිරීමේ ඇති වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව, මහජන සේවා වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව ක්‍රම හඳුන්වාදීම, සියලු රාජ්‍ය සේවා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම සහ රජයේ වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් ඊයේ (15) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ලෝකයේ බොහෝ රටවල් ආහාර සුරක්ෂිතතාව කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබෙන අතර, මෙරට අස්වනු බෙදාහැරීමේදී ඉන් සියයට 40ක් පමණ විනාශ වේ. මේ පිළිබඳ දැඩිව අවධානය යොමු කිරීමෙන් විශාල ආහාර ප්‍රමාණයක් ආරක්ෂා කර ගත හැකි බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. අස්වනු බෙදාහැරීමේදී අතරමැදියන් සංඛ්‍යාව අවම කර ගැනීමෙන් ගොවියාට සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් දීමට ඇති හැකියාව හෙතෙම පෙන්වා දුන්නේය.

More articles

Latest article