30 C
Colombo
සිකුරාදා, මැයි 17, 2024

රට ගොඩ ගන්න තිත්ත බෙහෙත් වුණත් බොන්න වෙනවා – හර්ෂ ද සිල්වා

Must read

රට ගොඩගැනීම සඳහා අකැමැත්තෙන් වුවද තිත්ත බෙහෙත් බීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.ඒ මහතා මෙසේ පැවසුවේ ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ “ණය උගුලෙන් මිදීම සහ අන්තර්ග්‍රාහී තිරසාර සංවර්ධනය වෙනුවෙන් වන සැලැස්ම“ ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට ඊයේ (14) කොළඹ පැවැති මාධ්‍ය හමුවේදීය.

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමේ යෝජනාද ඇතුළත් වන ලෙස සැකසුණු මෙම ආර්ථික වැඩසටහනේ ප්‍රතිසංස්කරණ කළ යුතු අංශ 10ක් ගැන සඳහන් වෙයි.

ණය අර්බුදය කළමනාකරණය, මූල්‍ය සහ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය, ආදායම් ස්ථාවර කිරීම, වියදම් පාලනය, රාජ්‍ය අංශය කළමනාකරණය, බලශක්ති සහ මහජන උපයෝගීතා, වෙළෙඳාම, කර්මාන්ත, කාෂිකර්මය සහ සේවා ප්‍රවර්ධනය, නිෂ්පාදන සාධක වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ, ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලය, විනිවිදභාවය සහ වගවීම යන අංශ ඊට ඇතුළත් වේ.

More articles

Latest article