25 C
Colombo
අඟහරුවාදා, මැයි 14, 2024

මං ආස මට ඕනි දේ කරන්න – හර්ෂි රසාංගා

Must read

මේ දිනවල හිරු ටීවී ඔස්සෙ විකාශය වන ‘ළංවි’ ටෙලි නාට්‍යයෙන් ඔබ හමුවන හර්ෂි රසාංගා කියන්නෙ ගොඩක් දෙනෙක් ආදරේ කරන යොවුන් තාරකාවක්.

විශේෂයෙන්ම ටික්ටොක් හරහාත් ඇය අතිශය කතාබහට ලක්වුණා ඔබට මතක ඇති. මේ තියෙන්නෙ හර්ෂි යූටියුබ් නාලිකාවක් සමඟ කළ සාකච්ඡාවකින් කොටසක්…

හර්ෂි අඳින ඇඳුම්වලට විවේචනය කරලා තියෙනවාද ? කරලා තියෙනවා. මම අහිංසක චරිතනේ ඔක්කොම කළේ. ඒගොල්ලො මාව දැකලා තිබුණේ ඇඟ වැහෙන්න ගවුම් ඇඳපු කෙනෙක් විදිහට. ඒත්… මං ආස මට ඕනි දේ කරන්න.

හර්ෂි ටැටූ කරන කෙනෙක්. ටැටූ එකක් මකන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ.. ගෙදරින් මුකුත් කියන් නැද්ද? එක ටැටූ එකක් මගේ බව්වා.. අනිත් ටැටූ එක ගැහුවේ මියුසික් වලට ආස නිසා. අනිත් එක ලග්නයට. ටැටූ ගොඩක් ගහන්න ආසයි. රංගන ක්ෂේත්‍රයෙන් අයින් වුණොත්… මම ගායන ක්ෂේත්‍රයට යන්න ආසාවෙන් ඉන්නවා. මං ටැටූ ගහයි.. ගිටාර් එකක් ගහන්න හිතන් ඉන්නවා. තාත්තා මුලදී අකැමැති වුණා, මම කරන්න ගිය කැරැක්ටස් නැතිවෙයි කියලා. අම්මි එහෙම නෑ. සෝශල්… ඒ නිසා අම්මිව මම ශේප් කරගෙන තාත්තිවත් ශේප් කරගන්නවා.

ෆිල්ඩ් එකේ හොඳම යාලුවෝ කවුද? එක්කෙනෙක් නෑ… ගොඩක් දෙනෙක් ඉන්නවා. ප්‍රවීණයෝත් ඉන්නවා. යාලුවෙක් ඉන්න එක ජීවිතේට වටිනවා.

නිදහස් වෙලාවට යන්න කැමති? නිදහස් වෙලාවට කැමතිම කාමරේට වෙලා තනියම ඉන්න..

More articles

Latest article