30 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

යොහානිට ඉන්දියාවේදී සම්මාන

Must read

‘මැණිකේ මගේ හිතේ‘ ගීතය ප්‍රතිනිර්මාණය කරමින් ඉන්දියාවේ ගීත සන්නාමය බවට පත් වූ යොහානි ද සිල්වා, සංස්කෘතික ප්‍රවර්ධනයට කැපී පෙනෙන දායකත්වයක් සැපයීම උදෙසා පසුගියදා ඉන්දියාවේදී සම්මානයට පාත්‍ර වූවාය.

ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට සංචාරක පර්ෂදය මගින් මේ සම්මානය පිරිනමනු ලැබුවේ සිය ගීත නිර්මාණ හරහා ඇය සංචාරක ප්‍රවර්ධනයට විශිෂ්ට දායකත්වයක් සැපයීම හේතුවෙනි.‘මැණිකේ මගේ හිතේ‘ ගීතයෙන් ඉන්දීය සංගීතලෝලීන් වසඟයට ගත් යොහානි එම ගීතය හින්දි ඇතුළු විවිධ භාෂා පහකින් ගායනා කර තිබේ. ඇගේ හින්දි ගීතය බොලිවුඩ් සිනමා නිර්මාණයක් වන ‘තෑන්ක් ගෝඩ්‘ චිත්‍රපටයට ද ඇතුළත්ය.

මෙවැනි ගෞරවාන්විත සම්මානයකින් පිදුම් ලැබීම මහත් ගෞරවයක් බව සඳහන් කරන යොහානි සිය සංගීතය තුළින් එවැනි බලපෑමක් සිදු කිරීමට හැකි බව දැනගැනීම සතුටක් බව කියා සිටියාය. කලා ශිල්පිනියක ලෙස එය ආඩම්බරයට කරුණක් බව ද ඇය සඳහන් කළාය.

More articles

Latest article