32 C
Colombo
සඳුදා, මැයි 6, 2024

PMB Rice සහල් හලෙන් 170,000ක හාල් අතුරුදන්

Must read

වී අලෙවි මණ්ඩලය නිෂ්පාදනය කරන ලද PMB Rice සහල් අලෙවි කිරීම සඳහා බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේ විවෘත කර ඇති අලෙවි සලෙන් රුපියල් 170,000ක් පමණ වටිනා සහල් තොගයක් අතුරුදන් වී ඇතැයි වාර්තා වේ.

පසුගිය දිනෙක වී අලෙවි මණ්ඩලය මඟින් මෙම වෙළෙඳසලෙහි තොග පරික්ෂා කළ අතර එහිදී මෙම සහල් තොග අඩුවීමක් වාර්තා වී තිබිණි. මේ පිළිබඳව වී අලෙවි මණ්ඩලයේ නිලධාරින් විසින් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාට පැමිණිලි කර තිබේ.

ඒ අනුව මේ පිළිබඳව අභ්‍යන්තර විගණන පරීක්ෂණයක් කඩිනමින් අරඹන ලෙස ඇමැතිවරයා අමාත්‍යාංශ අභ්‍යන්තර විගණන අංශයට නියෝග කර ඇත.

මෙම වසරේ ජූනි මස 27 දින කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වුණු මෙම PMB Rice සහල් අලෙවි සල කෘෂිකර්ම අමාත්‍යාංශ සුබසාධක සංගමය මගින් පවත්වාගෙන යනු ලබයි. මෙහි අලෙවිකරණ කටයුතු ද එම අංශයේ අය විසින් සිදු කරන අතර ඇතැම් දිනවලදී එහි ආදායම රුපියල් ලක්ෂ 02ක් පමණ වන බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.

මෙම සහල් තොගය අඩුවීම සම්බන්ධයෙන් සිදු කරන විගණන පරීක්ෂණයේදී එයට යම් නිලධාරියකු හෝ කණ්ඩායමක් සම්බන්ධ වී ඇත්නම් තරාතිරම නොබලා උපරිම දඬුවම් ලබා දෙන්නැයි ඇමැති මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

More articles

Latest article