25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

ඉස්ලාම් විෂයට අදාළ පොත්වල ආගමික අන්තවාදී අදහස් ඇති බවට චෝදනා – අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්

Must read

ඉස්ලාම් විෂයට අදාළ, 06 සිට 11 වසර දක්වා පොත්වල ආගමික අන්තවාදය සහිත කරුණු ඇතුළත් බවට ඇතැම් වෙබ් අඩවි තමන් වෙත චෝදනා එල්ල කර ඇති බවත් එය දිගින් දිගටම සිදු කළහොත් වරප්‍රසාද කමිටුව වෙත කැඳවා විමර්ශනය කරන ලෙසට වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරන බවත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17)ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා මෙසේද පැවසිය.

2022 වසරේ ඉස්ලාම් ධර්මය විෂයට අදාළ 6 සිට 11 වසර දක්වා සංශෝධිත පෙළ පොත මේ වන විට පාසල් දරුවන්ට බෙදා දෙමින් සිටිනවා.

මෙම පෙළ පොත්වල ඇතැම් කරුණු සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වූ අතර ඒ අනුව , පත් කළ විශේෂ කමිටුවක් මඟින් මෙම කරුණු පරිශීලනය කර අදාළ සංශෝධනය සිදු කර අලුතින් මුද්‍රණය කර තිබෙනවා.එහෙත් ආගමික අන්තවාදය සහිත පොත් බෙදා හරින බවට ඇතැම් වෙබ් අඩවි තමාට චෝදනා එල්ල කරනවා. එම චෝදනා සම්පූර්ණයෙන් අසත්‍යයි. චෝදනා එල්ල කරන වෙබ් අඩවි මෙම ක්‍රියාවලිය නතර නොකළ හොත් වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරනවා. සියලුම ආගම්වල එකඟතාවයෙන් මෙම පොත් බෙදා හරිනවා.මම කළේ සියලුම දරුවන්ට සාධාරණය ඉටු කරන එකයි. මම කළේ නිවැරදි දෙයක්. එම දරුවන් එළඹෙන මැයි මාසයේ සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. සෑම දරුවකුටම සමානව අවස්ථාව දිය යුතුයි. මෙම වෙබ් අඩවිය අසත්‍ය ප්‍රචාරය කරනවා.මේක නැවැත්තුවේ නැත්නම් වරප්‍රසාද ප්‍රශ්නයක් ගෙන එනවා.

More articles

Latest article