27 C
Colombo
සඳුදා, මැයි 6, 2024

අය-වැය කියන්නේ කාලයක් තිස්සේ ඉදිරිපත් කරන නාට්‍යයක් – ආචාර්ය හරිණි අමරසූරිය

Must read

අය-වැය යන්න කාලයක් තිස්සේ ඉදිරිපත් කරන නාට්‍යයක් බවත් එය සුපුරුදු ලෙස සෑම වසරකට විවිධ පිටපත්වලින් දැකගත හැකි බවත් ජාතික ජනබල වේගයේ පත්කළ මන්ත්‍රිනී, ආචාර්ය හරිණි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) පැවසුවාය.

අය වැය දෙවැනිවර කියවීමේ විවාදයේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළාය.

මන්ත්‍රීවරිය වැඩිදුරටත් මෙසේද කියා සිටියාය.

දැන හෝ නොදැන අප සියලුදෙනා එම නාට්‍යයේ නළු නිළියන් බවට පත්ව තිබෙනවා.

ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයකු ඉදිරිපත් කළ අය වැයෙන් සහන කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකියි. දේශපාලනික හා ආර්ථික වශයෙන් විශාල අර්බුදයක් තිබියදී තමයි මේ අය වැය ඉදිරිපත් කළේ. ඒ වගේම ජනතාව දේශපාලඥයන් දිහා බලන්නේ පිළිකුලෙන්. අය වැයෙන් ප්‍රශ්නය තේරුම් ගෙනත් නැහැ. දේශපාලන තත්ත්වය තේරුම් අරගෙන නැහැ. ජනතාව ඉල්ලන්නේ මොකක්ද කියන දේ ගැන කිසිම අවධානයක් යොමු කරලත් නැහැ. ඒ කිසිදෙයක් ගැන තැකීමක් නැතුව ඉදිරිපත් කළ අය වැයක්.

More articles

Latest article