27 C
Colombo
සඳුදා, මැයි 6, 2024

ණය හිමියන්ගේ වට මේස සාකච්ඡාවට චීන මුදල් ඇමති සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති එක්වෙයි – IMF

Must read

ණය හිමියන් සහ ණය ලබා ගත් රටවල් කිහිපයක් සහභාගීත්වයෙන් මෙම මස ඉන්දියාවේදී පැවැත්වෙන වට මේස සාකච්ඡාවට චීන මුදල් අමාත්‍යවරයා, එරට මහ බැංකු අධිපතිවරයා සහභාගී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය සී.බී.එස් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

අඩු අදායම්ලාභී රටවලට ණය ගෙවීමේ හැකියාවක් නොමැති නිසා චීනය තම ප්‍රතිපත්තිය වෙනස් කර ගත යුතු බව ජෝර්ජීවා මහත්මිය එහිදී පෙන්වා දී තිබේ.

වට මේස සාකච්ඡාව පැවැත්වීමේ අරමුණ වන්නේ සම්ප්‍රදායික ණය හිමියන්, චීනය, සෞදි අරාබිය, ඉන්දියාව වැනි නව ණය හිමියන් සහ පුද්ගලික අංශය ණය ලබාගත් රටවල් සමඟ එක මේසයකට ගෙන ඒම බව ජෝර්ජීවා මහත්මිය සඳහන් කර ඇත.

More articles

Latest article