30.2 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

ශ්‍රී ලාංකිකයන්ට සහනාධාර දෙන්න තමිල්නාඩුව මධ්‍යම රජයෙන් අවසර ඉල්ලයි

Must read

ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාවට අත්‍යවශ්‍ය ආහාර, කිරිපිටි සහ ඖෂධ දීම සඳහා අවසර දෙන්නැයි තමිල්නාඩු ප්‍රාන්ත රජය ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ සඳහා ප්‍රාන්ත ප්‍රධාන ඇමැති එම්.කේ. ස්ටාලින් මහතා ඉදිරිපත් කළ යෝජනාවක් තමිල්නාඩු ප්‍රාන්ත සභාවේදී ඊයේ (29) ඒකමතිකව සම්මත වී තිබෙන අතර, ශ්‍රී ලංකාවට සහල් ටොන් 40,000ක්, ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 137ක් සහ කිරිපිටි ටොන් 500ක් දීමට අපේක්ෂා කරන බව ප්‍රධාන ඇමැති එම්.කේ. ස්ටාලින් මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීම සඳහා එම ද්‍රව්‍ය තමිල්නාඩු ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට එවීම සඳහා මධ්‍යම රජයේ අවසරය ඉල්ලා තිබෙන අතර, අසල්වැසි ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්ධන සහ ගෑස් මිල දී ගැනීම සඳහා පැය ගණනක් පෝලිම්වල රැඳීමට වීම වේදනාකාරි කරුණක් බව ද එම්.කේ. ස්ටාලින් මහතා පෙන්වා දී තිබේ.

එලෙස ශ්‍රී ලංකාවට සහනාධාර යැවීම සඳහා තම මසක වැටුප පිරිනැමීමට ප්‍රාන්ත සභාවේ භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රීවරුන් ද එකඟත්වය පළ කර තිබෙන බව වාර්තා වෙයි.

More articles

Latest article