28 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

IMF නියෝජිතයින් කණ්ඩායමක් අද දිවයිනට

Must read

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද (20) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අනුව, ඔවුන් සතියක කාලයක් මෙරට රැඳීසිටීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජිවා මහත්මිය පසුගිය 07 වනදා දුරකථන සංවාදයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දන්වා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යාල මට්ටමේ නියෝජිතයින් කණ්ඩායමක් මෙරටට ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අදාළ කාර්යය මණ්ඩල නියෝජිතයින් කණ්ඩායම අද මෙරටට පැමිණීමට නියමිතය.

මේ පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය 09 වනදා දැනුම් දී ඇත.

මෙරට රැඳී සිටින කාලය තුළ ඔවුන් සාකච්ඡා පවත්වමින් අදාළ කටයුතු පිළිබඳව සොයාබැලීමට නියමිත බව වාර්තා වෙයි.

More articles

Latest article