26 C
Colombo
සෙනසුරාදා, මැයි 18, 2024

අපි බලය ඉල්ලන්නේ අපිට වස්තුව, බව බෝග හදාගන්න නෙමෙයි – සුනිල් හඳුන්නෙත්ති

Must read

රට පාලනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ අද ජනතාවගෙන් බලය ඉල්ලන්ගේ වස්තුව රැස්කිරීමට නොවන බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

නොච්චියාගම, මුදිතාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු ඒ බව පැවසීය.

“මේ රට පාලනය කරන්න අද අපි ජනතාවගෙන් බලය ඉල්ලන්නේ අපිට වස්තුව, බව බෝග හදාගන්න නෙමෙයි. ජාතික දේශපාලනය වෙනස්, ජාත්‍යන්තර දේශපාලනය වෙනස්. ඒ වෙනසට හරියන ලෙස ජනතාව සංවිධානය කිරීමේ වගකීම අද අපිට පැවරිලා තියෙනවා.”

“ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ආවට පස්සේ රජයේ කාර්යබාර්ය මොකක්ද?, පෞද්ගලික අංශයේ කාර්යබාර්ය මොකක්ද?, ගොවියගෙ කාර්යබාර්ය මොකක්ද? සැලසුම් කරන්නේ කොහොමද? අන්න ඒක තමයි අපේ ඉලක්කය.”

“ඊළඟ මහජන ආණ්ඩුව අපි මේ රට තුළ නිර්මාණය කරන්නේ ඒ ඉලක්කය ඉගෙන ගත්ත, තේරුම් ගත්ත, ඒ ඉලක්කයට සංවිධානය වෙච්ච ජනතාවගෙන්.”

More articles

Latest article