32 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ රැස්වීමක් සංවිධානය කිරීමට ජපානය පෙරට එයි

Must read

මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ රැස්වීමක් සංවිධානය කිරීමට ජපානය කටයුතු කරමින් සිටන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමේ අපේක්ෂාවෙන් මෙය සංවිධානය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම රැස්වීමේ දී, මෙරට පවතින ආර්ථිකමය අර්බුදකාරී තත්ත්වය සමග කටයුතු කිරීමේ දී ක්‍රියාකාරී භූමිකාවක් ඉටුකරන ලෙසට ණය දෙන අනෙකුත් රටවලින් ජපානය විසින් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවද එම වාර්තාවන්ගේ සඳහන් වේ.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා පසුගිය සැප්තැම්බර් මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සංචාරයක නිරත විය.

එම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ පවතින ආර්ථීක අර්බුදයට සහය දක්වන ලෙසට ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida ගෙන කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස මෙම රැස්වීම සංවිධානය කර ඇති බව ද විදේස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

More articles

Latest article