26 C
Colombo
සෙනසුරාදා, මැයි 18, 2024

ලෝක ශූර කොදෙවි පිල ස්කොට්ලන්තයට පරදී

Must read

වසර 2012 දී හා 2016 දී විස්සයි 20 ලෝක ශූරතාව දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් පිල මෙවර ලෝක ශූරතාවලියේ සහභාගී වූ පළමු තරගයෙන් ස්කොට්ලන්තය හමුවේ ලකුණු 42කින් පරාජයට පත් වෙයි. කාසියේ වාසිය දිනාගත් කොදෙව් පිලේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය කඩුලු 5කට ලකුණු 160ක් ලබාගත් අතර කොදෙව් ක්‍රීඩකයෝ සියලු දෙනා ඕවර් 18. 3කදී ලකුණු 118කට දැවී ගියහ.

ඉලක්කය හඹාගිය කොදෙව් පිලේ කඩුලු 7ක් ලකුණු 26ක් තුළ දවා ගැනීමට ස්කොට්ලන්ත පන්දු යවන්නන් සමත්වීම මේ තරගයේ පරාජයට ප්‍රධානතම හේතුව විය. කොදෙව් පිලේ මුල් කඩුලු 2ක් ලකුණු 53කට දැවීගිය අතර අනතුරුව ලකුණු පුවරුව කඩුලු 8කට ලකුණු 79ක් බවට පත් විය. ජේසන් හෝල්ඩර් ලකුණු 38ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු කයිල් මේයර්ස් ලකුණු 20කට දැවී ගියේය. හෝබාට් හීදී ඊයේ පැවැති මෙම තරගයේදී ස්කොට්ලන්ත ආරම්භක පිතිකරු ජෝජ් ම්න්සේ හතරේ පහර 9ක් සමඟ පන්දු 53කදී නොදැවී ලකුණු 66ක් ලබාගත් අතර කැලුම් මැක්ලීඩ් ලකුණු 23ක් හා මිචෙල් ජෝන්ස් ලකුණු 20ක් ඉනිමට එක් කළහ.

More articles

Latest article