25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

ජෝන් තමයි මට ගැළපෙන කෙනා කියල මම හිතුවා – ලෝචනා ජයකොඩි

Must read

ටික් ටෝක් හරහා ලාංකීය ජනයා අතර අතිශය ජනප්‍රියත්වයට පත්වෙමින් පසුකාලීනව යූටියුබ් නාලිකාවක් ඔස්සේ ඉහළ ප්‍රේක්ෂක ආදරය වගේම ආකර්ෂණයක් හිමිකර ගත් සුන්දර තරුණියක් තමයි ලෝචනා හංසමාලී ජයකොඩි කියන්නේ.

ඇත්තෙන්ම ඇයව මෙරට බොහෝදෙනෙකු හදුනන්නේ ලෝචනා කියන නමට වඩා ලෝචි කියන නමෙනුයි. ඉතින් එදා ටික් ටොක් හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය මේවෙද්දී අපට පුංචි තිරය ඔස්සේත් දැකගන්නට ලැබෙනවා.

ඒ පහුගිය කාලයේ සියත නාලිකාවේ විකාශය කෙරුණු රේස් ටෙලි නිර්මාණය ඔස්සේ වන අතර ඇයට මේ ටෙලි නිර්මාණය ඔස්සේ ඉහළ ජනතා ආදරයක් හිමිකර ගැනීමට හැකියාව ලැබුණා.

කෙසේවෙතත් මේ විදිහට විවිධ නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන ලෝචනා පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

ඉතින් මම මූලික අධ්‍යාපනය ලැබුවේ පිළියන්දල අංක එක කනිෂ්ඨ විද්‍යාලයෙන් කියල ඇය කියන්නේ සාමාන්‍ය පෙළ කරන්න කැස්බෑව ආටිගල බාලිකා විද්‍යාලයට ගියා කියලයි.

ඒ වගේම උසස් පෙළ කරන්න ගල්කිස්ස බෞද්ධ බාලිකාවට ඇතුළත් වුණා කියල කියන ඇය හැබැයි ඒ වෙද්දී මගේ අම්මා සුව කරන්න බැරි රෝගයකින් පෙළුණා කියලයි පවසන්නේ.

ඊට පස්සේ අම්මා නැති වුණු නිසා මට උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න බැරි වුණා කියන ලොචී කියන්නේ එතැනින් මගේ අධ්‍යාපනය නතර වුණා කියලයි.

පස්සේ මම නංගිලා දෙන්නා බලාගෙන ගෙදර හිටියා කියන ඇය අම්මා නැති වුනාට පස්සේ මම තමයි නංගිලා දෙන්නව බලාගත්තේ කියලයි පවසන්නේ.

තවද මේ මුල් වතාවට තමයි මම තාත්තා ගැන කියන්නේ කියන ඇය අම්මා නැති වුණාට පස්සේ මගේ ළමා කාලය හරි අමිහිරියි කියලයි කියන්නේ.

ඒ වගේම මගේ තාත්තා කුඩම්මෙක් ගෙනාවා කියන ඇය හැබැයි එයා හොඳ අම්මා කෙනෙක් වුණේ නැහැ කියලයි කියන්නේ. ඒ නිසා මට තාත්තා ගැනත් ඇති වුණේ කලකිරිමක් කියල කියන ඇය පවසන්නේ මේ වෙද්දී මමත් එක්ක චුටි නංගි ඉන්නවා කියලයි.

ඒ විතරක් නොවෙයි ලොකු නංගි දැන් විවාහකයි කියල කියන ඇය අම්මා නැති වුනාට පස්සේ මමත් ආදරේ හෙව්වා කියලයි කියන්නේ.

ඒ නිසා අවුරුදු හයක් පිරිමි ළමයෙකුට පෙම්වතියක් වෙලා ඔහු සමඟ විවාහ ගිවිසාගෙන එක වහලක් යටට ගියා පවුල් ජීවිතයක් ගත කරන්න කියන ඇය හැබැයි ආදරේත් මට ගෙනාවේ අසුන්දර අත්දැකීම් කියලයි පවසන්නේ.

ඔහුට මම ඉන්නකොට වෙන සම්බන්ධතා තිබ්බා කියන ඇය සමහර ඒවා මගේ අතට අහු වුණා කියලයි කියන්නේ. තවද මම ඒවාට සමාව දුන්නා කියන ඇය නමුත් ඔහු හැදුණේ නැහැ කියලයි පවසන්නේ.

ඒ වගේම ඩිවෝස් එකට කලිනුත් කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන තිබ්බා කියන ඇය කියන්නේ අවසානයේ මම ඔහුගෙන් දික්කසාද වුණා කියලයි. කොහොම වෙතත් මම දැන් නැවතත් පෙම්වතියක් කියල කියන ඇය දිනුක ජෝන් තමයි මගේ පෙම්වතා කියලයි කියන්නේ.

ඒ වගේම ජෝන් මමත් එක්ක විඩියෝවල හිටිය කෙනෙක් කියල කියන ඇය අපි යාළුවෝ වගේ හිටියේ කියලයි කියන්නේ. ඒ කාලේ අපි අතර ආදරයක් ගැන අදහසක් තිබුණෙත් නැහැ කියන ඇය ඒ කාලේ ජෝන් ගැන ලොකු විශ්වාසයක් ඇති වුණෙ ගති ගුණ හොඳ, හොද කොලිටීස් තිබ්බ කෙනෙක් නිසා කියලයි පවසන්නේ. ඉතින් ඔහොම ඉන්නකොට එයා එක පාරටම මට ආදරේ ප්‍රකාශ කළා කියලයි ඇය කියන්නේ.

ඉතින් මම ගැන සියල්ල දන්න මගේ ළඟින් හිටපු කෙනෙක් නිසා ඔහු තමයි මට ගැළපෙන කෙනා කියල මම හිතුවා කියන ඇය ඉතින් මම ඒ ආදරේ පිළිගත්තා කියලයි කියන්නේ.

තවද දැන් අපි ආදරේ කරන්න පටන් අරගෙන අවුරුදු දෙකක් වෙනවා කියන ඇය ලබන අවුරුද්ද අවසානයේ අපි විවාහ වෙන්න ඉන්නේ කියලයි පවසන්නේ. ඒ වගේම ඔහුගේ අම්මව මතක් කරන්න ඕන කියල කියන ඇය මට ලැබුණු හොඳම නැන්දම්මා එයා කියලයි පවසන්නේ.

මගේ අම්මට පස්සේ මම වැඩිපුරම ආදරේ කෙනා එයා කියල කියන ඇය අවසාන වශයෙන් කියන්නේ දැන් මට තනිකමක් දැනෙන්නේ නැහැ කියලයි.

ඉතින් මේ විදිහට අලුත් ජීවිතයකට සූදානම් වෙන ලෝචිට ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට හැකිවේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

More articles

Latest article