32 C
Colombo
සඳුදා, මැයි 6, 2024

නීති ප්‍රවේශය සිංහලෙන්-දෙමළෙන් කළ හැකි වුවත් අධ්‍යයන කටයුතු ඉංග්‍රීසියෙන් පමණයි – අමාත්‍ය විජයදාස රාජපක්ෂ

Must read

නීති අධ්‍යාපනය හැදෑරීම වෙනුවෙන් ප්‍රවේශ විභාගය සිංහල හා දෙමළ යන භාෂාවන්ගෙන් සිදු කළ හැකි වුවද අධ්‍යයන කටයුතු සිදු කළ යුතු වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් බව නීති අධ්‍යයන කොමිසම සඳහන් කර ඇතැයි අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්‍රකාශ කළේය.එහෙත් දරුවන්ගෙන් ලැබෙන ඉල්ලීම් හේතුවෙන් නීති අධ්‍යයන කොමිසමේ සභාපතිවරයා වන අග්‍රවිනිශ්චයකාරවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.නීති විද්‍යාලයේ දරුවන් ඉංග්‍රීසි භාෂාවෙන්ම අධ්‍යාපනය ලැබිය යුතු බවට ගැසට් පත්‍රයක් නිකුත් කිරීම හේතුවෙන් ගම්වලින් එන දරුවන් අපහසුතාවයට පත් වන බවත් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

More articles

Latest article