26.4 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

කන්න දුන් අත මරණෙදිත් අත්නොහළ වඳුරු සුරතලා

Must read

මඩකලපුව තාලංකුඩා ප්‍රදේශයේ නිතර ගැවසෙන වඳුරෙකුට ආහාර දුන් පුද්ගලයෙකු මිය ගිය පසු ඔහුගේ නිසල දේහය මත නැඟ ඔහුට වැඳ වැඳ හඬා වැලපෙමින් අවසන් කටයුතු සිදු කරන ඊයේ දින කනත්ත දක්වා ගොස් අවසන් ගෞරවය දැක්වූ වඳු‍ෙරකු පිළිබඳ පුවතකි මේ . මේ දසුන අවසන් කටයුතුවල සහභාගිවූ සියලු දෙනාගෙම නෙතට කඳුළු එක්කරන්නට සමත් වූහ.තාලංකුඩාහි පදිංචි සීතාම්බරම් රාජාන් 52 හැවිරිදි දෙදරු පියෙකු වන අතර, ඔහු වනයේ නිතර ගැවසෙන වඳුරෙකුට බිස්කට් හා ආහාර ලබා දී ඇත.

සෑම දිනකම එම වඳුරා තම නිවසට පැමිණෙන විට බිස්කට් ලබා දෙන අතර, එම නිවෙස් හිමියාගේ ආබාධිත දරුවාව වඳුරා සිත් පිනවා ඇත.මෙසේ තිබියදී එම නිවසේ හිමිකරු පසුගිය සඳුදා රාත්‍රියේ හදිසි රෝගාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්තවී සිටියදී නිවසට පැමිණි වඳුරා අවසන් කටයුතු කිරීමට සූදානම් වූ තම ස්වාමියාව දුටුවේය.

නිසල දේහය අසලට ගොස් ස්වාමියා හුස්ම ගන්නේ දැයි බෙල්ලෙන් කමිසයෙන් අල්ලා පරීක්ෂා කර ඇත.තම ස්වාමියා මිනී පෙට්ටියෙන් නොගැටීම නිසා වඳුරා ද කඳුළු සලමින් ඔහුගේ කකුල ස්පර්ශ කර වැඳ වැටුණි. අවමංගල උත්සවයට පැමිණ සිටි ඥාතින් වඳුරාගේ ක්‍රියාවෙන් විමතියට පත්වූ අතර, සියල්ලන්ගේ නෙතට කඳුළු එක් කෙරුණි. ඒ සමඟම වඳුරා දේහය ආදාහනය කළ සුසාන භූමිය දක්වා ගොස් තම ස්වාමියාට ගෞරව දක්වා ඇත.

More articles

Latest article