29 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

සාමකාමී නොවන භූ දේශපාලනික කලාපයක් සංවර්ධනය වන්නේ නැහැ – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

Must read

වංචාව, නාස්තිය හා දුෂණය අවම කිරීම ඇතුළු සාමය හා තිරසාර සංවර්ධනය සඳහා වන කරුණු ස්ථාපනය නොවිමෙන් අර්බුදයක් කරා ගමන් කළ රටකට ශ්‍රී ලංකාව උදාහරණයක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන 2022 ජාත්‍යන්තර නායකත්ව සමුළුවේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමිනි.

සාමය සඳහා වන ජාත්‍යන්තර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය හා විශ්ව සාම සම්මේලනයේ ආසියා පැසිෆික් කලාපය එක්ව සංවිධානය කරන ‘2022 ජාත්‍යන්තර නායකත්ව සමුළුව පිලිපීනයේ මැනිලා නුවරදි අද (30) ආරම්භ විය.

රටවල් 28ක රාජ්‍ය නායකයින් සහ පාර්ලිමේන්තු නියෝජිතයින් සහභාගිවන මෙම සමුළුවේ සමාරම්භක උළලේ ප්‍රධාන ආරාධිත දේශනය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මෛත්‍රීපාල සිරිසේන මහතා,

“ආර්ථික විද්‍යාව සහ සාමය සම්බන්ධ ජාත්‍යන්තර ආයතනය සාමය හා තිරසාර සංවර්ධනය සඳහා පාදක වන කුලුනු අටක් සෛදාන්තිකව හඳුන්වා දී තිබෙනවා. ප්‍රශස්ත ආණ්ඩුකරණයි, ස්ථායි ව්‍යාපාරික පරිසරය, සම්පත් සමසේ බෙදීයෑම, සියල්ලන්ගේ අයිතීන් පිළිගැනීම, අසල්වැසි රටවල් සමඟ හා කලාපීය වශයෙන් පවත්නා සබඳතාව නිදහස් තොරතුරු ගලනය, දියුණුු මානව ප්‍රාග්ධනය වංචා නාස්තිය හා දුෂණය අවමකිරීමයි. දශක තුනක ආසන්න කාලයක් සිවිල් යුද්ධයක් නිසා බිඳ වැටී තිබු ශ්‍රී ලංකාවේ 2009 යුද ගැටුම් නිමාවත් සමග ආර්ථිකය ප්‍රකෘතිමත් වනු ඇතැයි අපේක්ෂා කළා. නමුත් රට දැවැන්ත ආර්ථික අර්බුදයක සිටිනවා. එම අර්බුදය නිසා මතු වු දැවැන්ත දේශපාලනය අස්ථාවරත්වය නිසා ඇති වු ජන ජිවිතයේ අඩාල වීම අපට දරා ගත නොහැකියි. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සපයාගැනීම දැඩි අවදානමකට ලක්ව තිබෙනවා. අධි උද්ධමනය හේතුවෙන් මිලියන 6.3කට ආහාර හිඟතාවයක් ඇති වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව අර්බුදයට ගිය රටකට උදාහරණයක්. සියලුදෙනාගේ සහයෝගීතාව අවශ්‍යයි. සාමකාමි නොවන රටක සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැකියි. සාමකාමී නොවන භූ දේශපාලනික කලාපයක් සංවර්ධනය වන්නේ නැහැ. භූ දේශපාලනික යුද න්‍යාය පත්‍රයක් ක්‍රියාවට නැංවෙන නොමිනිස් දඩබිමක් වෙනවා.”

More articles

Latest article