30 C
Colombo
සිකුරාදා, මැයි 17, 2024

දේශය වඩා යහපත් තැනක් කරගැනීම සඳහා අවධානය යොමු කළ යුතුයි – අනුරාධපුර පදවියේ රදගුරු හිමි

Must read

දේශය වඩා යහපත් තැනක් කරගැනීම සඳහා අවධානය යොමුකළයුතු බව අනුරාධපුර පදවියේ රදගුරු අති උතුම් නෝබට් අන්ද්‍රාදි රදගුරු හිමිපාණන් පවසයි.

ඓතිහාසික මන්නාරම මරුද මඬු දේවමාතා ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යට එක්වෙමින් රදගුරු හිමිපාණන් මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුරාධපුර පදවියේ රදගුරු අති උතුම් නෝබට් අන්ද්‍රාදි රදගුරු හිමිපාණන්.

“අද අපේ දේශය හුඟාක් දූෂිතයි ඒ දූෂිත බවට කිතුණුවන් ලෙස ඔබත් දායක වෙන්න එපා. අප දේශපාලන ඉතිහාසය තුළ නායකයින් කියා කියාගන්නා යම් යම් අය තමන්ගේ බඩ පුරවාගත්තේ මිනිසුන් ජාති, ආගම් භාෂා වශයෙන් බෙදලා, මේ දේශය වඩා යහපත් තැනක් කරන්න ඕන. මේ පිළිවෙලට යන්න බෑ හැමදාම. අපගේ දේශයේ දරුවන් උදෙසා, අපගේ මෙම වත්මන් දේශය වඩා යහපත් තැනක් කරගැනීම වෙත අපගේ අවධානය යොමුකරමු.”

ඓතිහාසික මන්නාරම මරුද මඬු දේවමාතා ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍ය සෑම වසරකම අගොස්තු මස 15 වනදා පැවැත්වෙයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසර දෙකක කාලය තුළ මඬු සිද්ධස්ථානයේ මංගල්‍ය උත්සවශ්‍රීයෙන් නොපැවැත්වීම නිසා බැතිමතුන්ගේ සහභාගිත්වයක්ද දකින්නට නොලැබුණි.

අද පෙරවරු 6ට මංගල මහා දිව්‍ය පුජා යාගය ආරම්භ වූ අතර ඊට බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

මංගල මහා දිව්‍ය පුජා යාගයේ ප්‍රධානත්වය මන්නාරම පදවියේ රදගුරු අති උතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් විසින් ගනු ලැබු අතර ඊට අනුරාධපුර පදවියේ රදගුරු අති උතුම් නෝබට් අන්ද්‍රාදි හිමිපාණන් සහ කොළඹ පදවියේ සහයක රදගුරු අති උතුම් ඇන්ටන් රංජිත් රදගුරු හිමිපාණන්ද සහභාගි වුණි.

More articles

Latest article