28.4 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

ලීග් රග්බි අනුශූරතාව සාන්ත ජෝසෆ් දිනයි

Must read

වෙස්ලි විදුහල් පිලට එරෙහිව ලකුණු 26-11ක ජයක් වාර්තා කළ මරදාන සාන්ත ජෝසෆ් විදුහල් පිල අන්තර් පාසල් අවුරුදු 20න් පහළ ලීග් රග්බි තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට සමත් විය.

හැව්ලොක්ස් පිටියේ ඊයේ පැවැති මේ තරගයේදී සාන්ත ජෝසෆ් විදුහල් පිල ගෝල් 3ක් සහ උත්සාහක දිනුමක් වාර්තා කරද්දී වෙස්ලි විදුහල් පිලට රැස් කිරීමට හැකිවූයේ උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර දෙකක් පමණි.

තරගයේ පළමු භාගය නිමා වන විට ලකුණු 11-7කින් පෙරමුණ ගැනීමට වෙස්ලි විදුහල් පිල සමත් වූවද, දෙවැනි භාගයේදී ප්‍රතිවාදී පිලට කිසිදු ලකුණු රැස් කිරීමට ඉඩ නොදුන් සාන්ත ජෝසෆ් පිලේ ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් 3ක්ම තැබීමට සමත්වූ අතර, ඉන් උත්සාහක දිනුම් දෙකක්ම ගෝල බවටද පත් කරගත්හ.

More articles

Latest article