31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

මවක් සහ දියණියක් අමානුෂික ලෙස ඝාතනය කෙරේ

Must read

තියුණු ආයුධවලින් පහරදී කාන්තාවක් සහ ඇයගේ දියණියව ඝාතනය කිරීමේ පුවතක් බදුල්ල ගැනල්පීන් වත්ත හිඟුරුගමුව ප්‍රදේශයෙන් වාර්තා විය.

එම කාන්තාව සහ ඇයගේ දියණියන් දෙදෙනා ප්‍රදේශයේ වතු නිවාසයක ජීවත්වී සිට ඇති අතර අද (10) උදෑසන ඔවුන්ට අදාළ පහරදීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය.

මියගොස් ඇත්තේ 83 හැවිරිදි වියේ පසුවූ මව සහ 55 හැවිරිදි ඇයගේ දියණිය යි.

එහිදී කැපුම් තුවාල සහිතව බරපතළ තත්ත්වයේ පසුවූ 62 හැවිරිදි අනෙක් දියණිය බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බදුල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

More articles

Latest article