32 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

සමන්තා පවර් පැමිණෙයි

Must read

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද (10) දිවයිනට පැමිණියාය.

ඇය සමග දූත පිරිස ලෙස තවත් සිව්දෙනෙකු ද පැමිණ තිබේ.

ඔවුන් අද උදෑසන 09.00 ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත ගොස් තිබුණි.

More articles

Latest article