28 C
Colombo
ඉරිදා, මැයි 5, 2024

ගම්පහ දිස්ත්‍රික්කයේ දිරණ කසළ සඳහා ස්ථිරසාර විසඳුමක්

Must read

දිරණ කසළ තුළින් කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමේ කටයුතු ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා නාගරි්ක සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් ඉදිරිපත් කළ ස්වයංක්‍රීය කොම්පෝස්ට් නිෂ්පාදනාගාරය පිළිබඳ නිදර්ශනය මගින් යෝජනා කරන ක්‍රමවේදයන්ට අනුව මෙම කටයුතු සිදු කිරීමට නියමිත ය.

බොහෝ රටවල් කසළ කළමනාකරණය පිළිබඳ විවිධාකාර විසඳුම් සොයමින් සිටින කාල පරිච්ඡේදයක ස්වයංක්‍රීය කොම්පොස්ට් නිෂ්පාදනාගාරයක් සඳහා ජපන් තාක්ෂණය අනුව නිෂ්පාදනය කර ඇති යන්ත්‍ර කරදියාන ප්‍රදේශයේ ස්ථාපනය කිරීමෙන් පසු ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතන මගින් එකතු කරන නාගරික දිරණ අපද්‍රව්‍ය පරිසරයට මුදා නොහැර කොම්පොස්ට් බවට පත් කිරීම කාලෝචිත ව්‍යාපෘතියක් බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම දිරණ කසළ මගින් නිපදවන කොම්පෝස්ට් කිසිඳු දුර්ගන්ධයකින් තොර පරිසරයට හිතැති පොහොරක් බවට පත් වන අතර ප්‍රජාවගේ සෞඛ්‍යයට හිතකර මෙන්ම අමතර ආදායමක් උත්පාදනය වන ක්‍රියාවලියකි.

දිනකට කසල ටොන් 100 ක් භාවිත කර දින 45 ක් තුළ දුගඳින් තොර කාබනික පොහොර ලබාගැනීමට මෙමගින් හැකියාව ලැබීමෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන කසළ ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලැබෙනු ඇත.

⁣මේ වන විට ද ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන කිහිපයක ⁣නාගරික දිරණ කසළ භාවිත කරමින් කොම්පෝස්ට් නිෂ්පාදනය සිදුකරනු ලබයි.

More articles

Latest article