33 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

ඉන්දියාවේ කුෂිනගර් ගුවන්තොටුපොළ විවෘත කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදී සමග අමාත්‍ය නාමල් රාජපක්ෂ සහභාගී වෙයි

Must read

ඉන්දියාවේ 29 වන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කෙරෙන අවස්ථාවේදී ප්‍රථම ගුවන් යානය ශ්‍රී ලංකාවේ සිට පිටත්ව යාමටද නියමිතව තිබේ.

එම ගුවන්තොටුපොළ ලබන බදාදා විවෘත කිරීමට නියමිතව ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් ගුවන්තොටුපොළ විවෘතකිරීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශේෂ ආරාධිතයින් පිරිසක් සහභාගිවීමට නියමිතය.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහ මහ සංඝරත්නය සියක් නමක් එම අවස්ථාවට සහභාගිවීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ පිහිටි ඓතිහාසික කුසිනාරා නගරයේ ඉදිකර ඇති කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මඟින් දඹදිව වන්දනා කිරීම සඳහා පහසුකම් සැලසෙන බව ඉන්දීය මාධ්‍ය පෙන්වාදෙයි.

More articles

Latest article