28 C
Colombo
සිකුරාදා, මැයි 10, 2024

වේදිකාවට පැමිණි කැරොලින් Mrs. Sri Lanka ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි

Must read

ඊයේ සවස (04) පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟය උණුසුම් මුහුණුවරක් ගනු ලැබූවා. අදාළ තරඟයේ කිරුල පුෂ්පිකා ද සිල්වා මහත්මියට හිමිවූ අතර කිරුල පැළඳීමද ප්‍රධාන ආරාධිත අමුත්තන් විසින් සිදු කරනු ලැබුවා.

නමුත් එම අවස්ථාවේදී අදාළ තීරණයට විරුද්දව අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ මෙන්ම ලෝක විවාහක රූ රැජිණ ද වන කැරොලින් ජූරි මහත්මිය වේදිකාවට පැමිණ ප්‍රකාශ කලේ තරඟ නීති රීති වලට අනුව කිරුළ හිමිවිය යුත්තේ විවාහක අයෙකුට මිසක් විවාහයෙන් වෙන් වී දික්කසාදව සිටින අයෙකුට නොවන බවයි. එබැවින් අනුශූරතාවය දිනා ගත් තරඟකාරියට කිරුළ ලබා දෙන බව පවසමින් ඇය විසින් , අදාල තරඟකාරියගේ හිසෙහි පැළඳ තිබූ ඔටුන්න ගලවනු ලැබූවා.

විවාහක රූ රැජින කිරුල හිමිවූ පුෂ්පිකා එක් දරු මවක් වන අතර ඇය දික්කසාද වී සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ. කෙසේ නමුත් මෙවැනි සිදුවීම් හරහා ලංකාවේ Mrs. Sri Lanka තරඟය ලෝකෙටම විහිලු සපයන බවටයි ක්ෂේත්‍රයේ බොහෝ දෙනා අදහස් පළකරන්නේ, මෙවන් ජාතික මට්ටමේ තරග සංවිධානය කිරීමේදී සංවිධායක මණ්ඩලය සහ විනිසුරුවන් වඩාත් වගකීමකින් යුතුව හැසිරිය යුතු බවයි බොහෝ දෙනා අදහස් පළකරන්නේ.

More articles

Latest article